RSS

දැන් කාලේ හැදෙන එවුන්!!!!


ඕ............න් ගොඩයත් යාන්තම් වෙලාවක් එහාට මෙහාට කොර ගත්තා. 
 මේක කොටා දමන්ටය කියලා .........
මයේ අප්පොයේ.......... කී....... දවසක් ගෙහුන් නොවැද මේ මල ඉලව්ව කොටන්නෙ නැතුව :(
 ගෙදර ගෑනිට නිච්චියක් නැති හින්දම හොදා...... නැත්නම්!!! වසලා හමරයි!..... (බයකට කාරියකට එහෙම කියනව නෙමෙයි ඕ...න්) හන්දියේ කඩේ පැත්තේ එන්ටම බැරි උනා නෙව මාස ගානකින්.
 අර කොලුගැටයත් නැහැ නෙව කඩේ දැන් ඉන්නේ ලස්සන ලමිස්සියක්නේ!!!...
හැම දාම එන්න හිතෙනවා ඕ.............න් :p
ආවට මොන මගුලය කොටන්නේ.....
මොන මල ඉලව්වක් නැහැ නෙව මතකෙට එන්නේ 
දෙකක් දාගත්තම නම් හරි යයි
මයෙ පොඩි එකාත් ඉස්කෝලේ යන්න බෑ කිය කිය අඩනව.
උදේ ජාමෙට හෙන ජරමරේ දන්නවනේ මයේ ගෑනිට ආවේස උනහම.
දවසක් මේකා මගෙන් අහනවා "අප්පොච්චියෝ... ඇයි එක එක විසයට එක එක ගුරුවරු එන්නේ?......... කියලා.
 මම කිව්වා "ඒ..... උන්දැලා හොදටම දන්නේ එක විසයක් හින්දා." කියලා.
  එතකොට මූ අහපි "හා...... එහෙනම් අප්පොච්චියෝ....... අපි කොහොමයි! ඔක්කොම ඉගෙන ගන්නේ උන්දෙලාටත් බැරි කොට" මට අම්මපා පොලව පලාගෙන යන්න හිතුනා නෙව මුන්ට තියෙන පුරස්න දැක්කහම.
කොකටත් මට මූ එන පොට හොද නැති හින්දා පොඩ්ඩක් ඉස්කෝලේ පැත්තේ විපරම් කොරලා බැලුවා.
 සීවරන් දෙවියනේ මේ යකාගේ තරම! :-o
ගෙදරදී මීයවගේ හිටියට මේකා ඉස්කොලෙදි කරන දේවල් .....
කොයිවෙලේ බැලුවත් මූ පන්තියේ නැහැ  
ගොඩක් වෙලාවට පන්තියේ ඉන්නේ ටීච්ර් කෙනෙක් උගන්නන කොට විතරයි  !
ඒකත් තරුන ටීචර් කෙනෙක්!!!!
මගෙ මලත් ඔහොම්මමයි!!
 කොයිවෙලේ බැලුවත් පන්තියේ නැහැ.
හැබැයි!... ටීචර් කෙනෙක් එනකොට නම් මූ පන්තියේ.
 හැබැයි උෟට නම් වයස පුරස්නයක් තිබ්බේ නැහැ.... මුගේ පන්තියේ එවුන් කියපු විදිහට මූ බලා ඉන්නේ කොයිවෙලෙද ටීචර්ගේ බුරිය පේන්නේ කියලා.
මට මතකයි! අපෙ අප්පොච්චා මාත් එක්ක දවසක් කිව්වා "ඔන්න හොදට මතක තියාගනින් ගොයියෝ.... උබ කවදා හරි ගෑනියෙක් අරගෙන මෙහෙ එහෙම එනවා නෙමෙයි!!!" කියලා. උන්දැටත් තේරිලා තිබ්බේ මෙකාගේ කල්කිරියාව ගැන.
කොහොමෙන් කොහොම හරි මුලු ගමේම ගෑනුන්ගෙන් මයෙ ගෑනිට විතරද කොහෙද උන්දෑ ඇහැක් ඇරලා බලන්නේ නැත්තේ.(බැලුවොත් දන්නවනේ වෙන දේ..... :D)
 මට බය මයෙ පොඩි එකාත් මුගේ තාලෙට හැදෙයිද කියන එකයි!.
දැන් කාලේ හැදෙන එවුන් මහ අමුතුම එවුන් අප්පා..........:(

0 comments:

Post a Comment