RSS

දැන් කාලේ හැදෙන එවුන්!!!!


ඕ............න් ගොඩයත් යාන්තම් වෙලාවක් එහාට මෙහාට කොර ගත්තා. 
 මේක කොටා දමන්ටය කියලා .........
මයේ අප්පොයේ.......... කී....... දවසක් ගෙහුන් නොවැද මේ මල ඉලව්ව කොටන්නෙ නැතුව :(
 ගෙදර ගෑනිට නිච්චියක් නැති හින්දම හොදා...... නැත්නම්!!! වසලා හමරයි!..... (බයකට කාරියකට එහෙම කියනව නෙමෙයි ඕ...න්) හන්දියේ කඩේ පැත්තේ එන්ටම බැරි උනා නෙව මාස ගානකින්.
 අර කොලුගැටයත් නැහැ නෙව කඩේ දැන් ඉන්නේ ලස්සන ලමිස්සියක්නේ!!!...
හැම දාම එන්න හිතෙනවා ඕ.............න් :p
ආවට මොන මගුලය කොටන්නේ.....
මොන මල ඉලව්වක් නැහැ නෙව මතකෙට එන්නේ 
දෙකක් දාගත්තම නම් හරි යයි
මයෙ පොඩි එකාත් ඉස්කෝලේ යන්න බෑ කිය කිය අඩනව.
උදේ ජාමෙට හෙන ජරමරේ දන්නවනේ මයේ ගෑනිට ආවේස උනහම.
දවසක් මේකා මගෙන් අහනවා "අප්පොච්චියෝ... ඇයි එක එක විසයට එක එක ගුරුවරු එන්නේ?......... කියලා.
 මම කිව්වා "ඒ..... උන්දැලා හොදටම දන්නේ එක විසයක් හින්දා." කියලා.