RSS

කවුද මේ ..........

අනේ ආයුබොවන් මම මේ ගොඩයා
මයේ ගෑනිගෙන් බේ...රිල්ලක් නැහැ මේ.... මොකක්ද බ්ලොග් එකක්ද මොකක්ද එකක් කොරන්න කියලා...
මට ඕවා ගැන ඒ හැටි තේරුමකුත් නැහැ නෙවැ
මොනා කොරන්නද? ඉතින් මම කියලා.. මේක ‍කොලේ නැත්නම් මගේ ගෑනිගෙන් විසුමක් වෙන්නැහැ ඕ...න්
ඒකි සිදාදියට ගිහිල්ලා එක... එක...විච්චූරන බලන් ඇවිල්ලා.... ඒවා මෙහේ කොරන්න හදනවා
කියන කනකට ගානක් නෑ ආයුබොවන්!

මම මේ හන්දියේ කොම්පියුටර් කඩයට ඇවිල්ලා ඒකේ ඉන්න මලයට කිව්වා මට මේකක් ඕනැයි කියලා උෟත් මොනාද මොනාද එබුවා මයේ හිතේ.... උෟත් මේකක් ගැන දන්නේ නැතුවාවත්ද කොහෙද
ඊට පස්සේ ගමේ ඉස්කෝල නෝනා ඇවිල්ලා තමයි ඕ...න් මේක කොටන විදිහ කියා දුන්නේ...
ගමට තාක්සනය කිව්වට ඕ....න් අපි වගේ එවුන්ට මොන තාක්සනද ආයුබොවන්!
වෙලේ නියරේ ගාටපු ඇත්තන්ට මොන කොම්පියුටර්ද කිව්වාලු!..........
මම අහගෙන ගමේ එවුන් කතාවෙනවා ඉස්සරහට කොම්පියුටර් නැතුව මොන රෙද්දක්වත් කොරන්න වෙන්නේ නැහැ කියලා
ඉතින් මම මොකැයි කලේ මම ඇහැව්වා.... ඔය කොම්පියුටර් ඕනි වෙනවද දොට්ට පිලට  යන්න එහෙම කියලා එතන හිටපු එවුන් දෙතුන් දෙනෙක්ම ඒක එහෙම වෙන්නැති කියාලා කිව්වා
මල ගිනි විජ්ජුම්බරයයිනේ! වෙන්න යන්නේ කන්දසාමි දෙයියෝම අපිව බලා ගන්න ඕනි!
ඒක හින්දා... කෝකටත් කියලා, කොම්පියුටර් කොටන්න ඉගෙන ගත්තොත් හොදා  කියලා තමයි ආයුබොවන් මේ බ්ලොග් එකද මොකක්ද එක කොටන්න පටන්ගත්තේ
ඒත්! ආයුබොවන් මේකේ අකුරු  එක එක දිහාවල් වලනේ තියෙන්නේ
මේක හදපු එකාට ඕක පිලිවෙලකට හදන්න තිබුනනේ ආයුබොවන්!
උන් ඒක ඒදවස් වල හරියට කොරේ නැති නිසා මේකෙන් කොටන්න ගියාම හෙන වෙලා යනවා
ගෙදර ගෑනි බලයි යකෝ... වෙනදට කලින්ම ගෙදර එන එකා අද මොකද සුනංගු කියලා 
මයේ ගෑනී යකින්නි වගේ හිටියට මොකෝ... හිත හොද ගෑනි!
ගමේ එක ගෑනියෙක්වත් නෑ... මගේ ගෑනිත් එක්ක හැරෙන්න පුලුවන් එකියක්
දැන් ඉතින් ගොම්මන්වීගෙන එන හින්දා ආයුබොවන් මමත් ගිහින් එඤ්ඤං ....තව ඩිංගක්  සුනංගු උනොතින් මට එලියේ තමයි බුදියන්න වෙන්නේ ....
එඤ්ඤං!...

4 comments:

said...

ඔය ඇහැක් විදිහට ලියන් පලයන් මචන් :-)

ගොඩයා said...

හොදමයි! ආයුබොවන්ඩ

හසී said...

අපිත් මේ අහ ගොඩ වැදෙන්නම්කෝ...

ගොඩයා said...

හොදමයි! ආයුබොවන්ඩ..

Post a Comment