RSS

මයේ පොඩි එකා........

මේ මයේ පොඩි එකා උෟ හරිම දගයා
කොයිවෙලේ මොන විජ්ජුම්බරයක් කරගනීද දන්නේ නැහැ
උෟට වෙච්ච ඇබැද්දියක් ගැන මයේ ගෑනි කිව්වා "ගිහින් අරකේ ලියාපිය රටටම දැන ගන්න" කියලා මම ඇහුව්වා ඒකිගෙන් "මොකේද?" කියලා එතකොට ඒකි මයේ ඇගට ගොඩවෙච්චි  "ඇයි බූරුවෝ මතක නැද්ද බ්ලොග් එක" කියලා
ඒත් බ්ලොග් එක කියලා ආයුබොවන්ඩ මට නිච්චියක් නැහැ මේ ගෑනි මොන මගුලක් කියනවද කියලා
මම ඒකිගෙන් ඇහැව්වා "මොන එකද" කියලා ඒකී මං දිහා රවලා කියපි "ඇයි ගොනෝ එදා ලියන්න පටන්ගත්තේ හංදියේ කොම්පුටර් කඩයට ගිහිල්ලා"
එතකොට තමයි මට කල්පනාවට ආවේ අප්පටසිරි එහෙම එකක් කලා නේද කියලා

ඊට පස්සේ මම ගෑනිට කිව්වා "මම ගොහින් එන්නම්" කියලා එතකොට ඒකි කියාපි "උබට යන්න තමයි මම කිව්වේ..." කියලා මම ඉතින් එන්න හදනකොටම මයේ පොඩි එකා උෟත් එන්න ඕනි කියලා අඩන්න ගත්තා ඉතින් මම උෟවත් අඩගහගෙන හංදිය පැත්තට එනකොට කොම්පුටර් කඩේ කොලුවා මම දැකලා තව එකෙකුට කියනවා මම අහගෙන "අපෝ!!!... අන්න අදත් අර නියැන්ඩතාල් එනවා" කියලා
අනේ! ආයුබොවන්ලාට කියන්න මයේ පොඩි එකාටත් ඒ වචනේ ඇහුනද කොහෙද?
අප්පොච්චියේ ඔය ඉංගිරීසි වචන මොනාද කියන්න මම දන්නේ නැති නිසා මම ටිකක් හොරෙන් වටපිට බැලුවා කව්රුහරි හිනා වෙනවද කියලා අපේ ගමේ එවුන්ට ඒක එච්ච්ර නිච්චියක් නැහැ වගේ...
සයිමන් අයියාගේ කඩේ ලග පොඩි එවුන් රොත්තක් බෙලෙක්කයක් පදිනවා මයේ පොඩි එකත් දූවලා එතෙන්ට ගියා මමත් හිමිට කොම්පුටර් කඩේට ගොඩ උනා මයේ පොඩි එකාට වෙච්ච අවනඩුව ගැන කියන්න මේ කඩේ කොලුවත් එහෙන් මෙහෙන්මේක ඔබලා සෙට් කොරලා දීලා ගියා
මට උෟගෙන් අහන්නත් හිතුනා මොකක්ද අර කුනුහරුපේ තේරුම කියාලා... ඒත්! මට ඩිංගක් ලැජ්ජයි වගේ හින්දා මම උගෙන් ඇහුවේ නැහැ හිතුනොත් මම ගෙදර ගිහිල්ලා මයේ ගෑනිගෙන් අහනවා
එකි හොදට කුනුහරුප ගැන එහෙම දන්නවා අප්පේ.... බලන්න එපැයි! ආවේස උනාම කියන ඒවා.....
සමහර ඒවා මම දන්නෙත් නැහැ නොවැ!
ඉතින් ආයුබොන්ලාට කියන්න මේකයි මට වෙච්ච අවනඩුව
මයේ පොඩි එකා දවස් ගානක් තිස්සේ ඕන් අඩනවා ඒකට මෝටර් සයිකලයක් ඕනි කියලා
මූ මැරෙන්ද හදනවා මම කිව්වා ඩිංගක් ඉදහන් කියලා මයේ ගෑනිටත් වාව ගන්න බැරුව ඒකිත් කන්කෙදිරි ගාන්න ගත්තා මූට එකක් අරන්දියන් කියලා මම එතකොට ඇහුව්වා  හරක් පට්ටිය බලා ගන්නේ කව්ද කියලා ගෑනි කියපි "ඒක ඉතින් උබලාටවත් කොරන්න බැරියැයි" කියලා පස්සේ මට බේරෙන්නම බැරි තැන අතේ තිබ්බ සන්හදියම දීලා මූට සයිකල් කටුවක් අරන්දුන්නා
අප්පේ!!!...... ඒක ගත්තට පස්සේ බලන්න එපැයි! මුගේ තියෙන උජාරුව... හරියට රටක් රාජ්‍යක් පහල උනා වගේ ගම පුරා රෝන්දේ ගහනවා ගමේ ඉන්න කොල්ලෝ කුරුට්ටෝ සේරම මුගේ පස්සෙන් දුවනවා
පස්සේ දවස් කිහිපයක් ගියාට පස්සේ මම හරක් පට්ටියේ වැඩ කර කර ඉන්න‍කොට "අප්පුච්චා" කියාගෙන මයේ පොඩි එකා විලාප ගහගෙන ආවා මම ඇහැව්වා "මොකද උනේ බන් කියලා" එතකොටම මයේ ගෑනිත් ආවා මොකක්ද මේ ගෝරනාඩුව කියලා බලන්න මොකද මොකක් හරි කරදරයක් එහෙම උනොත් ඉස්සෙල්ලාම බහින්නේ මයේ ගෑනි හින්දා
ඉතින් ආයුබොවන් මයේ පොදි එකා සයිකලෙත් අරන් සිදාදිය පැත්තේ ගිහිල්ලා ඒකේ හිටපු පොලිස් කාක්කෙක් මූව නවත්තලා කිව්වාලු උබට හෙල්මට් නැහැ සයිකලේ සිග්නල් නැහැ උබව උසාවි දානවා කියලා පස්සේ මයේ පොඩි එකා කොහොම හරි බේරිලා තියෙනවා  ඊට පස්සේ ඊලග දවසේ මූ සයිකලේ විකුනලා ඒකෙන් සිග්නල් දෙකකුත් අරගෙන කාගෙන්ද හෙල්මටයකුත් දාගෙන ගියාලු එතකොට අර පොලිස් කාක්කා මූව එලවගෙන තියෙනවා පිස්සෙක් කියලා අනේ ආයුබොවන් ඒකෙන් මේකෙන් උනේ  මයේ පොඩි එකාට සයිකලේ නැති වෙච්ච එක විතරයි! මම පොඩි එකාට කිව්වා ඔය පොලිස් කාක්කෝ ඔහොමමයි කියලා ඕකුන් අපෙන් උදුරගෙන ගියේ නැත්තේ අපේ ගෑනු ටික විතරම්යි! ඕන්.......

7 comments:

වැප් said...

:D

said...

එළ

සෝරෝ said...

අඩෝ නියැන්ඩතාලා............... :D

Rachintha Jayawardhana said...

සිරා!

ගොඩයා said...

මේ ඇත්තෝ(සෝරෝ) ආයේ...! ගමනක් අර කුනුහරපය කියලා නෙව......

MaRLaN said...

නියමයි ආ...
බය වෙන්න එපා ඇත්තො ඔය සිද්දියට මාව 7 පාරක් පොලෝසියෙන් අල්ලල තියනවා

ගොඩයා said...

කරදරයක් එහෙම උනේ නැද්ද ආයුබොවන්ඩ.....

Post a Comment