RSS

සිදාධියේ ඇත්තෝ

ආයුබොවන්ද මේක කොටන්න උනේ මායි මලයයි ගියානොවැ සිදාධියට
මයේ මලයට උප්පැන්නේ හදා ගන්න කියලා
ඒ ගොහින් එන ගමන් තමයි ඕන් හන්දියේ කඩයට ගොඩ උනේ මේකත් ඔය ඇත්තන්ට බලා කියාගන්නත් එක්ක කොටා දැන්මනන් හොදා කියා
මයේ මලයට මේගමන  චන්දෙට තරගකොරන්න ඕනැලු
උෟට ඉතින්  මොනවත් සුදුසු කමක් නැහැ ආයුබොවන්
ඕකා දන්න එකම දේ තමයි මනමාල කම
ඕකගෙන් මේ මුලු වැයික්කියෙන්ම බේරිලා ඉන්නේ ඕන් මයේ ගෑනි විතරමයි
මම මූට කොච්චර කිව්වත් ඇහැව්වේ නැහැ නොවැ
ඒහින්දා උෟයි මමයි උදෑනැක්කෙම පිටත් උනා සිදාධියට මූට උප්පැන්නයක් හදාගන්ට
අපි හන්දියට වෙලා බස් කටුවක් එනකන් ඉන්නවා ඉන්නවා එක කබලක් වත් නැහැ නොවැ
පස්සේ ටික වෙලාවකින් එකක් එනවා නොවැ පිබගෙන ඒකේ ආයුබොවන්ලාට කියන්න වහලේ උඩ ඉදන් සෙනගනේ
අපි ඒකට අත දැන්මේ නැහැ
මයේ මලයාගේ නම් මනාපේ සෙනග වැඩි ඒවයේම යන්න මම මුන්දැගේ හැටි දන්න නිසා ඒ එකක්වත් නැවැත්තුවේ නැහැ

ඊට පස්සේ තවත් එකක් එනවා පිබගෙනම "එහෙනම් අයියන්ඩි මේකෙවත් නගිමු!" කියලා මලයා අත දැන්මා
අර බස් කටුව නැවැතුවේ නැහැ උෟ ඒකේ වේගේ අඩුකලා විතරයි
අපි කොහොමැයි ආයුබොවන්ඩ නවත්තන්නේ නැති ඒවයේ එල්ලෙන්නේ අපි සරිකිස් කාරයො ඇයි "අයියන්ඩී මේගමන නම් හරියන්නේ නැහැ අපි එන බස් එක පාරට පැනලා හරි නවත්තා ගමු" කියලා මයේ මලයා කිව්වා
"එහෙනම් උබ පාරට පැනපන් කියලා" මම උෟට කිව්වා
උෟ කියපි "අයියන්ඩි වැඩිමලානේ! උබ පැනපන්!!" කියලා
මයේ බඩ පපුව දාගෙන ගියා ආයුබොවන්ඩ ඒගමන ඕන් බස් කටුවක් එනවා මට දැන් හීන් දාඩියත් දැන්මා ඒක එන විදිහ දැක්කම "අයියන්ඩී පැනපාන්!" කියලා මලයා මයේ දිහා බැලුවා
මම දෙයියෝ බුදුන් සිහිකරගෙන බස් එකට පනින්න යනකොට මලයා කියපි "බය වෙන්න එපා අයියන්ඩී උබට මොකක් හරි උනොත් මම ගෑනි ගැන බලා ගන්නන්"කිව්වා
ඊට පස්සේ මම හෝව්! හෝව්! කියාගෙන බස් එක ඉස්සරහට පැන්නා
මට උනේ මල නව නිංගිරාවනේ ආයුබොවන් මම බස් එක ඉස්සරහට පනින්නත් කලියෙන් බස් එක නැවැත්තුවානේ
එතකොට ඒකේ හිටපු කොන්දොස්තර මලයා කෑගහනවා "ඕයි! ඔහේ නෙමෙයි මෙහේ දොර තියෙන්නේ" කියලා කොහොම හරි අපි දෙන්නා බස් එකට ගොඩ උනා
ඒ උනාට මලයගේ හිතට හරි නැහැ මොකද ඒ බස් එකේ සෙනග අඩුයි ඒමදිවාට ඒකේ එක ගෑනු පුලුටක්වත් නැහැ ඔහොම ඔහොම යනකොට තැන් තැන් වලින් ගෑනු උදවිය බස් එකට ගොඩ උනා
මලයා නලියනවා ඒතැනකොට යාගන්න බැරුව දැන් බස් එකේ සෙනග ටිකක් පිරිලා සමහරු හිටගනත් යනවා ඊට පස්සේ ඉස්සරහින් බබාලා හම්බවෙන්න ඉන්න නංගි කෙනෙක් නැන්ගා
ඔය ඇත්තොන්ට කියන්න ආයුබොවන්ඩ ඒ ඇත්තී  නැන්ගා විතරයි සමහරුන්ට නින්ද ගියානේ මෙච්චර වෙලා පච ඇද බබා ඉදලා මේ ඇත්තී දැක්කා විතරයි සමහරු පත්තර බලන්න ගත්තා
බවලත් උදවිය පවා වෙන අහක බලා ගත්තා නොවැ උන්ට නිකන් ලමයි හබුවෙන්නේ නැහැ වගේ
ඊට පස්සේ මම ඉතින් ඒදැරිවිට සීට් එක දුන්නා මයේ මලයා මයේ දිහා කන්න වගේ උන්නා මම උෟට අරියාදුවට කොලා වගේ මට හිතින් හිනා හොද වැඩේ ඔය හොර කුකුලට
ඕකා හින්දා මම ගමේ කීදෙනෙක්ගෙන් බැනුම් අහලා ඇත්ද සමහරු මට දොස් කිව්වත් එක්ක
උන්ගේ ගෑනු පරිස්සම් කරගන්නවත් බෑ මූ මනමාලකම් පානවා කියලා
අපේ අප්පචිටවත් බැරි විච්ච දේ කොහොමැයි ආයුබොවන්ඩ මම හදන්නේ
කොහොමෙන් කොහොමෙන් අපි සිදාධියට සේන්දු උනා
මායි මලයයි බස් එකෙන් බැහැලා අපි කන්තෝරුව ගාවට ආවා අපි ඒකේ ඇතුලට යන්න හදනකොටම එතන හිතපු දැරිවියක් "මහත්තයලා කොහෙද? යන්නේ!!" කියලා අපෙන් ඇහැව්වා
මම කිව්වා "මහත්තයා පන්සලේ ඇති උන්නැහේ තමයි අපිව මෙහාට එව්වේ" කියලා එතකොට මේ දැරිවි කිව්වා "නැහැ නැහැ මම ඇහැව්වේ ඔයගොල්ලෝ කොහේද යන්නේ" කියලා මම ඒ දැරිවිට සම්පූර්න විස්තරේම කිවවා
ඊට පස්සේ ඒදැරිවි කිව්වා උඩ කන්තෝරුවට යන්න කියලා මාත් ඉතින් "ගොහින් එන්නම්" කියලා  එලියට ආවා "ඒ දැරිවි හරි සීදේවි පාටයි" කියලා මම මයලට කිව්වා උෟත් "හ්ම්!.. හ්ම්!" ගෑවා
අපි ඔහොම උඩ කන්තෝරුවට යනකොට පොඩි දැරිවියෙක් අපේ ඉස්සරහට එනවා
මල විජ්ජුම්බරයයි! මේ දැරිවිට රෙදි ගන්න සල්ලි මදිවෙලාද කොහෙද ඇද ගෙන හිතපු ඇදුමට වැහෙන්න ඕනි තැන් වැහෙන්නේ නැහැ
මයේ මලයා කටත් ඇරගෙන බලා ඉන්නවා උගේ කට දෙපැත්තෙන් බුලත් කෙලත් පෙරෙනවා
අම්මපා මගේ එකෙක් එහෙමනම් කන පලනවා ඔය යගේ විලි ලැජ්ජා නැති ඇදුම් ඇන්දා නම්
මම මලයත් ඇදගෙන උඩ කන්තෝරුවට ගියා අපි ගොහින් එතන හිටපු නෝනා කෙනෙක් හම්බ උනා
ඒ නෝනා මොනාද මොනාද කුරුටු ගාන්න පටන්ගත්තා අපි ඒ නෝනා ඉස්සරහට වෙලා බලා ඉන්නවා
මම දැක්කා මලයා ඉස්සි ඉස්සි අර නෝනගේ මාලේ දිහා බලන්වා
ඒකේ තිබ්බේ ලස්සන ප්ලේන් එකක් මම කිව්වා ඒ නොනටත් ඇහෙන්න "ලස්සන ප්ලේන් එක නේද? මලේ!"  කියලා මේකා කියපි "අයියන්ඩි මගුලක්! කතාකරනවද මන්දා මම බැලුවේ එයාර්පෝට් එක දිහානේ!!!" කියලා
මට දැන් දෙලොව රත් උනා මූ කියලා ඇරපි කුනහරපයක් නේද කියලා
අර නෝනටත් ඒක ගානක් නැහැ වගේ මම හිතුවා ඒක කුනු හරපයක් නෙමෙයි කියලා
ඊට පස්සේ ඒ නෝනා මලයගෙන දැන් නම වාසගම එහෙම එකින් එක අහනවා ඔහොම ඔහොම ඉදලා සෙක්ස් ද මොකක්ද එකක් ඇහැව්වා මූත් කිව්වා නෝනට කැමති එකක් දාගන්න කියලා
ඒකට ගෑනිට තද උනා ආයේත් ගමනක් ඇහැව්වා මූ මගේ දිහා බලලා "දාන්න නෝනේ කලු ගල් උනත් කමක් නැහැ"
ඒ පාර ඒ ගෑනිට යක්ශයා ආරූඩ වෙලා මොනවද මොනවද කුරුටු ගාලා අපිට කොලයක් දුන්නා
අපි ඒකත් අරගෙන ආපහු එන්න පිටත් උනා
මලයාගෙන් නම් කැමැත්තක් නැහැ ආපහු එන්න මම බොහොම අමාරුවෙන් උෟව කුදලාගෙන ආපහු ආවා මම යන්න කලින් කෝකටත් ඒකේ තියෙන ඒවා හරිද කියලා බැලුවා
එතකොට තමයි මට දෙයියෝ මතක් උනේ
එකේ ස්ත්‍රී පුරුශ බාවය කියන තැන තිබ්බේ ආයුබෝවන්ඩ "කලුගල් උනත් කමක් නැහැ!" කියලා ඕන්

2 comments:

said...

එළ

hare :-) said...

සිදාදියෙ ගෑණු ළමිස්සියො කියල එහෙව් වෙනසක් නෑ බොලං. ඔය රෙදි වලට වැඩිය වියදං කොරන්නෙ නැති එක විතරයි!

Post a Comment